No contact numbers can provide due to legal issues | ලංකාවෙ ගබ්සා කිරීම නීති විරෝධී බැවින් phone නම්බර් ඉල්ලීමෙන් වලකින්න | Get Medicine in 2 days after a successful payment | මුදල් ගෙවා දවස් 2ක් ඇතුලත බෙහෙත් ද්‍රව්‍ය ඔබ කියන තැනකට බාර දෙනු ලැබේ
Email Us - SinhalaSexEducation@gmail.com
අපිට ඊමේල් කරන්න | Apita email karanna
Home » » කාන්තාවකගේ ඔසප් චක්‍රය

කාන්තාවකගේ ඔසප් චක්‍රය



 කාන්තාවක් ගත්තහම වැඩිවියට පැමිණීමත් සමග තමයි ඔය ඔසප් චක්‍රය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. සාමන්‍යයෙන් වයස අවුරුදු 12-13 වෙන කොට තමයි ගැහැණු ළමයෙක් වැඩිවියට පත් වෙලා ඔය ඔසප් චක්‍රය කියන එක පටාන් ගන්නේ. ඒත් දැන් දැන් අක්‍රමවත් ආහාර රටා, සෞඛ්‍යය තත්ත්වයේ අඩු ලුහුඩු කම් නිසා, ජානමය ගැටලු වගේ එව්වා නිසා ඕක වයස අවුරුදු 8 දක්වා වගේ අඩු වෙලා තියනවා. ඔහොම පටන් ගන්න ඔසප් චක්‍රය වයස අවුරුදු 45 - 55 දක්වා වෙනකන් පවතිනවා. ඔය අතර කාලය තුලදී ඔසප් චක්‍රය නතර වෙලා යනවා... ඒකට "ආර්ථවහරණය" කියලා කියනවා.

කාන්තාවකගේ ඔසප් චක්‍රය දවස් 28 කින් සමන්විත වෙනවා. ඒකෙන් පළවෙනි දවස් 2-5 කාළය තුල ගර්භාෂයේ (ඕක තියෙන්නේ බං යෝනි මාර්ගය දිගේ ඇතුලට ගියහම) බිත්ති බිඳ වැටීමකට ලක් වෙනවා. එහෙම බිඳ වැටීමකට ලක් වෙන්නේ ඩිම්භයක් ශුක්‍රාණුවකින් සංසේචනයක් නොවිච්ච නිසයි. ඊලඟට 6 වෙනි දවසේ ඉඳලා 14 වෙනි දවස වෙනකන්ම නැවතත් ගර්භාෂ බිත්ති නැවත සෛල ප්‍රගුණනය වෙලා වර්දනය වෙනවා. එහෙම වර්දනය වෙලා ඝනකමින් වැඩි වෙනවා. එහෙම වෙන්නේ නැවතත් 14 වෙනි දවසේදී නිකුත් වෙන ඩිම්භය ශුක්‍රාණුවකින් සංසේචනය උනොත් අන්න ඒක ගර්භාෂ බිත්තියේ තැන්පත් වෙලා කළලයක් හට ගන්න. කොහොම හරි 21 වෙනි දවස වෙනකන් ඔහොම සූදානම්ව ගර්භාෂ බිත්තිය බලගෙන ඉන්නවා සංසේචනයෙක් හැදිච්ච යුක්තානුවක් තැන්පත් වෙනකන්. ඒ අතරතුර කාලයෙත් තව දුරටත් බිත්ති ඝනකම වැඩි කරගන්නවා. 21 වෙනි දවසෙන් පස්සේ තව දුරටත් ප්‍රරෝහණයක් සිදු නොවන නිසා තව දුරටත් බිත්තියේ ඝනකම වැඩි කරගෙන 28 වෙනි දවස වෙනකන් වර්දනය වෙනවා. අවසානයේ දවස් 28 ඉවරයි. ඊට පස්සේ ඊලඟ චක්‍රයේ 1 වෙනි දවස ආයේ පටාන් ගන්නවා නැවටත් හැදිච්චා බිඳ වැටීමකට ලක් වෙලා. ඔව්වා තමයි ඔය මුල් දවස් 5 වගේ ඇතුලත යෝනි මාර්ගය දිගේ වැක්කෙරෙන්නේ. ඔසප් චක්‍රය තුලදී සිද්ද වෙන්නේ ගර්භාෂ බිත්තියේ සිදුවෙන වෙනස් කම් කීපයක්... ඒ දේ සිදුවන්නේ ඔය කියන චක්‍රය මැදදී ඩිම්බ කෝෂ 2න් එකකින් නිකුත් වෙන ඩිම්බයක්, වාසනාවට හෝ කරුමෙකට ශුක්‍රාණුවකින් සංසේචනය උනොත් ප්‍රරෝහණය, ඒ කිව්වේ බං තැන්පත් වෙන්න සුදුසු පරිසරයක් සපයන්න හිතාගෙනයි. මේ වෙද්දි බැඳලා නැත්තම් ඉක්මනින්ම දෙමාපියන්ට කියලා බඳින්නයි තියෙන්නෙ. එහෙම බඳින්න බැරි නම් ඉක්මනින්ම දැනුම් දෙන්න. මට පුළුවන් ඔයාලට සහනයක් වෙන විසඳුමක් දෙන්න. ඔය කියන චක්‍රයේදී අන්තිමට සංසේචනයක් උනොත් ඔසප් චක්‍රය එතනින් නවතිනවා ළමයා හම්බු වෙනකන්. ඊටපස්සේ තව මාස 6ක් යනකන්.

බැරි වෙලාවත් ඔය කිව්ව සංසේචනය උනේ නැත්නම් ඔය චක්‍රේ අන්තිමට අර කිව්ව ඩිම්බ ප්‍රරෝහණයට සැකසෙන ගර්භාෂ බිත්තිය බිඳ වැටීමකට ලක්වීමෙන් තමයි ඔය චක්‍රයක් අවසන් වෙන්නේ. අන්න එතකොට තමයි අර කෙල්ලෝ බඩේ කැක්කුමයි, ඔලුවේ කැක්කුමයි අරහේ කැක්කුමයි මෙහේ කැක්කුමයි ගගා කන් කෙඳිරි ගාන්නේ. කාන්තාවකගේ ඔසප් චක්‍රය පාලනය කරන්නේ හෝමෝනමය මැදිහත් වීමකින්. ඔය හෝමෝන වර්ග කීපයක බලපෑමක් නිසා තමයි ඔය ඔසප් චක්‍රය කියන එක සිදු වෙන්නේ. ඒ හෝමෝන ස්‍රාවය වන ප්‍රමාණය අනුව ඩිම්භ කෝෂ වලින් ඩිම්භ මෝචනය (නිකුත් වීම), ගර්භාෂ බිත්තියේ වෙනස් වීම හා ශරීරයේ උෂ්ණත්වය වෙනස් වීම කියන සිදුවීම් මාලාවක් වෙනවා.

1.සියුනිකාමය අවධිය හෙවත් ප්‍රගුණන අවදිය (Follicular phase)
හරි එහෙනම් වැඩේට බහිමු.. ඩිම්භ සෛලයක් ගත්තාම ඒක සමන්විත වෙන්න්නේ ඩිම්භ කෝෂයක් ඇතුලේ සියුනිකා සෛල (Follicular Cells) කියලා කුඩා කුඩා සෛල රාශියක් වට කරගෙනයි. කාන්තාවකගේ ඩිම්භ කෝෂ දෙකේම අර්ධ වශයෙන් වර්ධනය උන ඩිම්භසෛල 400 ක් පමණ තිබෙනවා. උපතේ දීම කාන්තාවකගේ තිබෙන ඩිම්භ සෛල ප්‍රමාණය නියතයක්. මිලියන ගනන් වලින් පටාන් අරගෙන ගොඩාක් ක්‍රමයෙන් විනාශ වෙලා වැඩි වියට පැමිනෙන කොට අර්ධ වශයෙන් වර්ධනය උන ඩිම්භ සෛල 400 ක් පමණ ඉතුරුව තිබෙනවා.

මාසෙකට සැරයක් වෙන්නේ ඔය සෛල 400 න් එකක් එක පාරටම වර්ධනය වෙන්න ගන්නවා... එක පාරට වර්දනය වෙන්නේ FSH (Follicular Stimulating Hormone) කියන හෝමෝනයේ බලපෑම නිසා. ඒ සිදුවීම පාලනය කරන්නේ හෝමෝන මැදිහත් වීමෙන්... ඔය වර්දනය වෙන ඩිම්භ සෛලය වටකරගෙන ඉන්න සියුනිකා සෛල වලින් ඊස්ට්‍රඩිඕල් (Estradiol) කියලා හෝමෝනයක් ස්‍රාවය කරන්න ගන්නවා. Estradiol කියන්නේ කට්ටිය දන්න ඊස්ට්‍රජන් වල ප්‍රභේදයක්... අන්න ඔය Estradiol වල බලපෑම නිසා පිටියුටරි ග්‍රන්තියෙන් නිපදවන LH (Luteinizing Hormone) සහ FSH (Follicular Stimulating Hormone) කියන හෝමෝන දෙකේ ශ්‍රාවයන් අඩු මට්ටමක තියගෙන ඉන්න සලස්වනවා. ඒත් මේ Estradiol සාමාන්‍යය ගානට ශ්‍රාවය වෙද්දි LH හෝමෝනයේ ශ්‍රාවය පාලනය කරගෙනඉන්නවා...ඒ උනාට ඩිම්භ සෛලය වර්ධනය වෙන්න ගන්න කොට නිපදවෙන Estradiol ප්‍රමාණයත් වැඩි වෙනවා. එහෙම වැඩි වෙන්න ගන්න කොට මෙන්න එක පාරටම ඒ වැඩි වීමේ සංයුතිය නිසා පිටියුටරි ග්‍රන්තියෙන් නිපදවෙන LH හෝමෝනයෙත් නිෂ්පාදනය වැඩි වෙනවා. ඔය ක්‍රියා වලිය සිදුවෙන්නේ ඔසප් චක්‍රයේ 12 වෙනි දවස පමණ වෙන කොට, ඔහොම LH හෝමෝන මට්ටම එක පාරටම වැඩි වෙන කොට 14 වෙනි දිනය වෙද්දි LH හෝමෝනයේ විශාල ප්‍රමාණයකින් ශ්‍රාවය වීමක් සිදු වෙනවා ( LH Surge).ඒ සමගම තමයි ඩිම්භ කෝෂයේ ඇතුලේ මෙච්චර කාලයක් වර්දනය වෙවී තිබ්බ ඩිම්භය; පැලෝපීය නාලය ඇතුලට කළ එලි බහින්නේ. සියුනිකාමය අවදියේ මුල් දවස් 2-5 අතර කාලය තුලදී ගර්භාෂ බිත්තිය ගත්තහම වෙන්නේ කලින් චක්‍රයේ අවසානය වෙනකන් වර්ධනය වෙලා, ඝන වෙලා තිබ්බ. ඒත් ප්‍රරෝහණය වෙලා කළලයක් හදන්න බලාපොරොත්තු තියාගෙන සැරසී උන්නු ඔව්වා තමයි ඔය ලේ වගේ කැට කැට හැටියට යෝනි මාර්ගයෙන් එලියට වැක්කෙරෙන්නේ..

පළමු දවස් 5 ඉවර උනාට පස්සේ දවසේ ඉඳලා 14 වෙනි දවස වෙනකන් දිගින් දිගටම නැවත්ත ප්‍රරෝහණයකට යෝග්‍යය වෙන විදිහට ගර්භාෂ බිත්තිය සූදානම් කරනවා..ඔන්න ඔය ක්‍රියාවලියත් සමඟ සියුනිකාමය අවදිය අවසන් වෙනවා..

2.ලුටීය අවදිය හෙවත් ශ්‍රාවීය අවදිය (Luteal phase)
ඩිම්භය නිකුත් කලාට පස්සේ ඩිම්භය වටේ එකතු වෙලා තිබ්බ සියුනිකා සෛල සියල්ල එකතු වෙලා "පීත දේහය (Corpus Luteum)" කියලා එකක් හදනවා. දැන් තව දුරටත් වර්දනය වෙමින් පැවති ඩිම්භය වටා තිබ්බ සියුනිකා සෛල ටික පවතින්නේ නැති නිසා Estradiol හෝමෝන මට්ටම නැවතත් මුලින් තිබුනු පාදස්ථ අවස්තාවට (basal level) ක්‍රමාණු කූලව පත් වෙනවා.. පාදස්ථ අවස්තාව කිව්වේ මචංලා නැත්තටම නැති වෙන එක නෙමෙයි හොඳද.. තව වර්දනය මැද තියෙන ඩිම්භ වටා තියෙන සියුනිකා සෛල නිසා පහල මට්ටමක පවත් වාගෙන යනවා විතරයි හොඳේ..

Estradiol ක්ෂණික ලෙස වැඩි උන නිසානේ කලින් කිව්ව LH හෝමෝනයත් ක්ෂණිකව වැඩි උනේ.. නමුත් දැන් Estradiol මට්ටම පහළ බසින නිසා නැවතත් LH ශ්‍රාවයත් පාදස්ථ මට්ටමට පත් වෙනවා. කොහොම හරි ඔය සියුනිකා සෛල එකතු වෙලා හැදුනු පීත දේහය මඟින් ප්‍රොජෙස්ටරෝන් (Progesterone) කියලා හෝමෝනයක් ශ්‍රාවය කරනවා. එතකොට පාදස්ථ මට්ටමේ තිබ්බ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය වැඩිවෙන්න ගන්නවා.

ඔය ප්‍රොජෙස්ටරෝන් කියන්නේ තාප ජනන හෝමෝනයක්. ඒ කිව්වේ බං ශරීර උෂ්ණත්වය වැඩි කරන්න දායක වෙනවා. අන්න එතකොට ඒ කාල පරිච්චේදය තුලදී කාන්තාවකගේ ශරීරයේ උෂ්ණත්වය සුලු ප්‍රමාණයකින් ඒ කිව්වේ සෙන්ටිග්‍රේඩ් අංශක 1 කින් පමණ ඉහළ යෑමක් සිදු වෙනවා. ඒ සමඟම ආයෙමත් නව චක්‍රයක සියුනිකාමය අවදිය කියන එක පටන් ගන්නවා.

සාමාන්‍යයෙන් එක අවදියකට දින 14 බැඟින් දින 28 ක චක්‍රයක් තමයි මේ ඔසප් චක්‍රය කියන එකට තියෙන්නේ... හැබැයි වැඩිවියට පත් උනු කාලයේ ඉඳන් ගැහැණු ළමයෙකුගේ වයස අවුරුදු 18-21 පමණ වෙන තෙක් ක්‍රමවත් නැහැ... ඒ කිව්වේ නිශ්චිත වශයෙන්ම දින 28 කට සැරයක් සිද්ද වෙන්නේ නැහැ... සමහරුන්ගේ මාස 3 කට සැරයක් වගෙත් වෙන්න පුලුවන්. අනික තමයි දවස් 28 කට සැරයක් වෙනවයි කීව්වත් හෝමෝන වල බලපෑම් මත ඔය දවස් 28 කියන එක දවස් 21 ක් දක්වා අඩු වීමකුත් දවස් 35 ක් දක්වා වැඩි වීමකුත් වෙන්න පුලුවන්.. ඒ කිව්වේ 28 + 7 හෝ 28 - 7 ඒකනම් දන්නේ ඉතින් ඕක හැදෙන කෙනා තමයි.

0 comments:

Post a Comment

Email Us - SinhalaSexEducation@gmail.com
අපිට ඊමේල් කරන්න | Apita email karanna

ලිපි සොයන්න

ජනප්‍රිය ලිපි

ඔබේ ගැටළු අපිට Email කරන්න

ඔබගේ නම *:
ඔබගේ Email එක *:
ඔබගේ ගැටළුව *: