No contact numbers can provide due to legal issues | ලංකාවෙ ගබ්සා කිරීම නීති විරෝධී බැවින් phone නම්බර් ඉල්ලීමෙන් වලකින්න | Get Medicine in 2 days after a successful payment | මුදල් ගෙවා දවස් 2ක් ඇතුලත බෙහෙත් ද්‍රව්‍ය ඔබ කියන තැනකට බාර දෙනු ලැබේ
Email Us - SinhalaSexEducation@gmail.com
අපිට ඊමේල් කරන්න | Apita email karanna
Home » » කෘතිම උපත් පාලන ක්‍රම

කෘතිම උපත් පාලන ක්‍රම


කෘතිම උපත් පාලන ක්‍රම ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුලුවන් තාවකාලික ක්‍රම සහ ස්ථීර ක්‍රම කියලා. ඔතනින් තාවකාලික ක්‍රම තමයි බහුලවම භාවිතා වෙන්නේ.

1.තාවකාලික ක්‍රම
තාවකාලික ක්‍රම ගත්තාම ඒකත් කොටස් දෙකකට බෙදෙනවා පිරිමින්ට සහ ගැහැණුන්ට භාවිතා කරන්න පුලුවන් ක්‍රම විදිහට.. ඔතනින් පිරිමින්ට භාවිතා කරන්න පුලුවන් එකම තාවකාලික ක්‍රමය තමයි උපත් පාලන කොපු (Condoms) පැළඳීම. ඊට අමතරව වෙන දෙයක් නම් නැහැ. හැබැයි උපත් පාලන කොපු පළඳිනවා නම් ටිකක් හොඳ එකක් පාවිච්චි කරන එක තමයි හොඳ. නැත්නම් ඔය ලාබෙට ගන්න තියෙන එව්වා දානවා නම් දෙකක්වත් එකපාර දාගන්න ඕනේ..

හරි තාවකාලික ක්‍රම ගත්තාම කාන්තාවකට තමයි මෙව්වා වැඩියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්... ඒ ක්‍රම ගත්තාම ප්‍රධාන කොටස් තුනක් තියනවා..

1. බාධක ක්‍රම භාවිතය (Barrier methods)
මේ ක්‍රමයෙදී භාවිත වෙන්නේ කාන්තා උපත් පාලන කොපු ( උඹලා දන්නේ නැති උනාට එහෙම එව්වත් තියෙනවා ) සහ ප්‍රාචීර භාවිත කිරීමයි.

 

වාසි
  • ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ශාව.
  • අතුරු ආබාධ නොමැති වීම.
  • භාවිතයට පහසු වීම හා අවැසි විට නතර කළ හැකි වීම.
  • සායනයට නොගිහින් පහසුවෙන් ෆාමසියකින් පවා ලබා ගත හැකි වීම 

අවාසි
  • භාවිතයට නිවැරදි තාක්ෂණික දැනුම නොමැති වීම.
  • නිවැරදිව නොපැළඳීමක් නිසා සාර්තක ප්‍රතිපල අඩු වීම.
  • සහකාරියගේ එකඟතාවය අවශ්‍යය වීම.
  • ලිංගික එක්වීමේ උපරිම තෘප්තිය ලබා ගත නොහැකි වීම
  • සුදුසු තැන් වල ගබඩා කර තැබිය යුතු වීම

2. ගර්භාෂ අභ්‍යයන්තරික උපත් පාලන උපාංග භාවිතය ( IUCD - Intrauterine Contraceptive Device)
මේකේදි කරන්නේ කුඩා, නම්‍යයශීලී, ප්ලාස්ටික් වලින් හදපු උපාංගයක් යෝනි මාර්ගය හරහා ගර්භාෂ කුහරය ඇතුලේ තැන්පත් කිරීමයි. ඔන්න දැකගන්නත් එක්ක දැම්මා රූපයක් පහලින් උපාංගයයි ඒක තැන්පත් කරන විදිහයි..

මෙන්න IUCD

මේකෙන් අවුරුදු 10 ක් පුරාවට උපත් පාලනය කරගන්න පුලුවන්. ඒවගේම අවශ්‍යය ඕනේ වෙලාවට ඉවත් කරගන්න පුලුවන්. ඉවත් කර ගමන් ගැබ් ගැනීමටත් ඉඩකඩ තියනවා. දැන් බලමු මේකේ වාසි අවාසි..

වාසි
  • දීර්ඝ කාලීන ආරක්ශාවක් ලබා දීම.
  • පහසු ක්‍රමයක් වීම.

අවාසි
  • නිවැරදි තාක්ශණික දැනුම අවශ්‍යය වීම
  • අතුරු ආබාධ වැඩි වීම
  • පුරුශ ලිංගයට හානි ඇති විය හැකි වීම

මේ ක්‍රමය බහුලව භාවිත කරන්න පුලුවන් දැනටමත් ප්‍රමාණවත් පමණට ළමයි හදාගත්තු කාන්තාවකට, පවුල් සැලසුම් කිරීමක් විදිහට.

3.හෝමෝන භාවිතය.
බහුලව භාවිත වෙන ක්‍රමයක් තමයි මෙම හෝමෝන භාවිත කිරීම. ඒ වගේම මේක පුළුල් මතෘකාව.

I. සංයුක්ත උපත් පාලන පෙති (COCP - Combined Oral Contraceptive Pills)
මෙහෙම කිව්වට තේරෙන්නෙත් නැත්නම් මිතුරි කාර්ඩ් කියන්නේ මෙව්වට තමයි.. මේකේ ප්‍රොජෙස්ටරෝන් හා ඊස්ට්‍රජන් කියන හෝමෝන දෙකම අන්තර් ගත වෙනවා. ඔය ෆාමසි වල පොදුවේ ගන්න තියෙන පෙති 28 ක කාර්ඩ් එකේ මේ පෙති තමයි සමන්විත වෙන්නේ.

වාසි
  • ඔසප් චක්‍රයේ අක්‍රමිකතා අවම කිරීම.
  • සරල, වේදනාව අවම ඔසප් වීම් සිදු වීම.
  • උකුල් අභ්‍යයන්තර අසාත්මක් තත්ව අවම වීම.
  • ගර්භාෂ බිත්ති හා ඩිම්භ කෝෂ ආශ්‍රිත පිළිකා වලින් ආරක්ශාව.
  • නැවැත්වීමත් සමග ඉක්මනින් නැවත ගැබ් ගැනීම.
  • ලාබදායී හා ඉහල ඵලදායීතාවයක් තිබීම.

අවාසි
  • බර වැඩි වීම වැනි අතුරු ආබාධ තිබීම.
  • රුධිර කැටි සෑදීම හා ඒවා රුධිර නාල වල හිර වීමෙන් සංකීර්ණ ගැටලු ඇති වීම.
  • වෙනත් බෙහෙත් වර්ග සමග එක්වීමෙන් විවිධ ගැටලු ඇති වීම (Drug interactions)
  • ලිංගාශ්‍රිත රෝග බෝවීම පාලනය නොවීම.

මේ ක්‍රමය පාවිච්චි කරන්න වඩාත්ම සුදුසු විවාහයට පෙර සිදුකරන ලිංගික එක්වීම් වලදී, අලුත විවාහ උන නමුත් ප්‍රථම දරු උපත ප්‍රමාද කිරීමට බලාපොරොත්තු වන යුවල සඳහා, ගැබ් ගැනීම් දෙකක් මැද, පවුල් සැලසුම් කිරීම් වලදී. හැබැයි අනිවාර්‍යයෙන්ම මතක තියා ගන්න ඕනේ දෙයක් තියෙනවා. ළමයාට කිරි දෙනවානම් මේ පෙති පාවිච්චි කරන්න හොඳ නෑ.. මොකද ඒ මඟින් මව් කිරි නිෂ්පාදනය අඩාල වෙන්න පුලුවන්.

මේ කාඩ් එකක් ගත්තම හෝමෝන පෙති 21 ක් සුදු හෝ ලා කහ පාටින් සහ යකඩ පෙති 7ක් දුඹුරු පාටින් සමන්විත වෙනවා.. ඔසප් රුධිර වහනය වෙන ආරභක දිනයේ ඉඳලා දවස් 5 ක් ඇතුලත මේ පෙති ගැනීම ආරම්භ කරන්න ඕනේ. සෑම දවසකම නියමිත වෙලාවක් යොදාගන්න ඕනේමෙම පෙත්ත භාවිත කරන්න. මම නම් කියන්නේ රාත්‍රී කාලයේ කෑමට පසු වඩා යෝග්‍යයයි අතුරු ආබාධ අවම කර ගැනීමට.

පලවෙනි පෙත්තේ ඉඳන් කාඩ් එකේ ඉලක්කම් ගහලා තියෙන විදිහට දවස් 21ක් හෝමෝන පෙති 21 අරගෙන ඊට පස්සේ යකඩ පෙති 7 ඊ ළඟ දවස් 7 ගන්න ඕනේ. අන්තිම දවස ඉවර උනු ගමන් අනික් දවසේ ආයේමත් අලුත් කාඩ් එකකින් පටන් ගන්න ඕනේ. බැරි වෙලාවත් පෙත්තක් ගන්න අමතක උනොත් සුපුරුදු වෙලාව ඇතුලේ අවුලක් නෑ. ඒ දවස ඇතුලේ කොහොම හරි මතක් වෙච්ච ගමන් පෙත්ත ගන්න.. නැත්නම් ඊළඟ දවසේ පුරුදු වෙලාවට මග ඇරුනු පෙත්ත එක්ක පෙති දෙකක් ගන්න. දවස් දෙකක් අමතක උනොත් ඊ ළඟ දවස් දෙකේ පෙති දෙක බැඟින් පුරුදු වෙලාවට ගන්න.. දවස් 3ක් මග හැරුනොත් දැන් පාවිච්චි කරන කාඩ් විසික් කරලා. මුල ඉඳලා අලුත් කාඩ් එකක් උඩ කිව්ව පරිදි මුල ඉඳන්ම පාවිච්චි කරන්න.

II. ප්‍රොජෙස්ටරෝන් පමණක් සමන්විත පෙති
මේකට වඩා COCP සාර්තකයි.නමුත් මේ පෙති පාවිච්චි වෙන අවස්තාව වගයක් තියෙනවා.. ඒ COCP භාවිතා කරන්න බැරි තත්ත්ව වලදියි අඩු ගැබ් ගැනීම් සහිත කාල වලදියි. ඒ කියන්නේ මව් කිරි දෙන මව් වරුන්ට, වයස් ගත කාන්තාවන්ට, පපුවේ අමාරු සහිත කාන්තාවන්ට, දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට. මොකද මේ පෙති වල බලපෑම COCP වලට වඩා අඩු උනාට අතුරු ආබාධ COCP වලට වඩා අවමයි.

III. හදිසි උපත් පාලන පෙති
හදිස්සියේ ශුක්‍ර මෝචනය පාලනය කරගන්න බැරි වෙලා ගැබ් ගැනීමක් වෙවි කියන බියක් තියෙනම් මෙව්වා තමයි පාවිච්චි කරන්නේ. මෙහෙම දන්නේ නැත්නම් ඔය කට්ටිය POSTINOR®-2 කියන්නේ ඕකට තමයි. මුලු ජීවිත කාලෙටම කෙල්ලට හරි, වයිෆ්ට හරි මුලු ජීව්ත කාලෙටම POSTINOR®-2 දෙන්න පුලුවන් එක පාරක් විතරයි. ඕක කෝකටත් තෛලේ කියලා පවිච්චි කරන්න. මොකද එහෙම උනොත් කාන්තාව වඳ වෙන්න පුලුවන්. දෙවෙනි පාරට ඔහොම දෙයක් උනොත් අනාරක්ෂිත ගැබ් ගැනීම නවත්වන්න වෙනම බෙහෙත් වර්ග තියෙනවා. දවස් 5ක් ඇතුලත ඒ බෙහෙත් ලබාදීමෙන් අනවශ්‍ය ගැබ් ගැනීමක් නවත්තන්න පුලුවන්. බෙහෙත ලබා ගන්න අපිව contact කරන්න. POSTINOR®-2 ගත්තොත් මේකේ පෙති දෙකක් තියෙනවා. අනාරක්ෂිත ලිංගික එක් වීමකට පස්සේ ෆාමසියකින් අරගෙන පළවෙනි පෙත්ත දෙන්න ඕනේ පැය 72 ක් ඇතුලත. පලවෙනි පෙත්ත අරගෙන පැය 12ක් ගියාට පස්සේ දෙවනි පෙත්ත ගන්න කියන්න ඕනේ. හදිස්සියට POSTINOR®-2 හොයා ගන්න බැරිනම් මිතුරි කාඩ් එකක් අරගෙන ඒකේ පෙති 4ක් අර වගේම පළවෙනි පැය 72 ක් ඇතුලත ගන්න . ඊට පස්සේ පැය 12ක් ගියාට පස්සේ තව පෙති 4ක් ගන්න.. නමුත් මේ ක්‍රමය POSTINOR®-2 තරම් සාර්ථක නැහැ. ඒක නිසා පොස්ටිනෝ හොයා ගන්න බැරි නම් හෝ ෆාමසියකින් ඉල්ලන්න ලැජ්ජ නම් අපිව අමතලා POSTINOR හෝ වෙනත් බෙහෙතක් ලබා ගන්න පුළුවන්.

B.ඩිපො-ප්‍රොවෙරා නික්ෂේපණය (Depo-Provera Injections)
මේ ක්‍රමයේදී පාවිච්චි වෙන්නේ Depot medroxy progesterone acetate (DMPA) කියන රසායනික ද්‍රව්‍යය. මේක අන්තර් පේශි (Intra muscular) වලට දෙන ඉන්ජෙක්ශන් එකක්. අතේ උඩම පේශියට හරි එහෙමත් නැත්නම් තට්ටමට හරි දෙන්න පුලුවන්. මේකත් හිතු මනාපෙට කරන්න එපා වෛද්‍යය වරයෙක් හම්බු වෙලා ගහ ගන්න. මොකද තත්ටමට ඉන්ජෙක්ශන් එකක් ගහන්න පුලුවන් උඩ පිටත කොටසට විතරයි.

මේක මගින් එක දිගට මාස 3ක ආරක්ෂාවක් ලබා ගන්න පුලුවන්. මාස 3 කට සැරයක් නොකඩවා උපත් පාලනය කරන්න බලාපොරොත්තු වෙනකන් ඉන්ජෙක්ශන් එක ලබාගන්න ඕනේ.

වාසි
  • මාස 3 කට සැරයක් පමණක් ලබා ගත හැකි වීම.
  • ඉහළ ප්‍රතිපල තිබීම.
  • ආරක්ශිත වීම.

අවාසි
  • බර වැඩි වීම.
  • ඔසප් අක්‍රමිකතා ඇති වීම.
  • නැවැත්වීමෙන් පසු ටික කාලයක් යන තුරු ගැබ් නොගැනීම.
 මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන් මව් කිරි දෙන කාන්තාවන්ට, පවුල් සැලසුම් කිරීමට, ගැබ් ගැනීම් අතර පරතරයක් තැබීමට.
C.චර්ම අභ්‍යයන්තරික තැන්පතු - Subdermal Implants
මේකේ තියෙන්නේ කුඩා පටි 6 කින් සමන්විත තැන්පතුවක්. මේ පටි 6 අතේ බාහුවක චර්මයේ ඒ කිව්වේ හමට යටින් තැන්පත් කරනවා. මේක අවුරුදු 5ක් යනකන් උපත් පාලනයකින් තොරව ආරක්ෂාවක් ලබා දෙනවා. දැන් උඹලා බලයි අතේ තැන්පත් කලාම කොහොමද උපත් පාලනය කරන්නේ කියලා. මේ පටි වල ප්‍රොජෙස්ටරෝන් අඩංගු වෙනවා. මේ ප්‍රොජෙස්ටෙරෝන් මඟින ගර්භාෂය මත ක්‍රියා කරලයි උපත් පාලනය කරන්නේ. ඒ වගේම ඉවත් කිරීමෙන් පස්සේ ඉක්මනින් ගැබ් ගැනීමත් සිදු වෙනවා. පවුල් සැලසුම් කිරීම් වලදි තමයි වැඩිපුර යෝග්‍යය. ඒ වගේම බර වැඩි වීම, ඔසප් අක්‍රමිකතා ඇති වීම වගේ අවාසි තියනවා.

2. ස්ථීර ක්‍රම
මේක නම් කරන්නේ ගොඩාක් අඩුවෙන් තමයි තවම ලංකාවේ.. කරන අයත් ඉන්නවා. මේකේදි කරන්නේ කාන්තාවකගේ පැලෝපීය නාල දෙක ගැට ගහලා කපා දැමීමෙන් අවහිර කිරීම (LRT - Ligation & Resection of Tubes) හෝ පිරිමි කෙනෙකුගේ ශුක්‍රාණු ගමන් කරන නාල (Vas deferens) නාල දෙක ගැට ගහලා කපා දැමීමයි (Vasectomy)


හරි අපි දැන් බලමු ඒ ඒ අවස්ථාවලට ගැලපෙන උපත්පාලන ක්‍රම මොනවද කියලා

1. ආදරය කරන යුවලකට

  • පිරිමි උපත් පාලන කොපු
  • කාන්තා උපත් පාලන කොපු
  • සංයුක්ත උපත් පාලන පෙති (COCP - Combined Oral Contraceptive Pills)
2. අලුත විවාහ උන ප්‍රථම දරු උපත ප්‍රමාද කර ගැනීමට බලා පොරොත්තු වෙන යුවලකට.
  • පිරිමි උපත් පාලන කොපු
  • කාන්තා උපත් පාලන කොපු
  • සංයුක්ත උපත් පාලන පෙති (COCP - Combined Oral Contraceptive Pills)
3. සති 6ක දරුවෙක් සිටින කිරි දෙන මවක් සහිත පවුලකට.
  • පිරිමි උපත් පාලන කොපු
  • කාන්තා උපත් පාලන කොපු ප්‍රොජෙස්ටරෝන් පමණක් සමන්විත පෙති (POP - Progestogen only Oral Contraceptive Pills)
  • ඩිපො-ප්‍රොවෙරා නික්ෂේපණය (Depo-Provera Injections)
  • ගර්භාෂ අභ්‍යයන්තරික උපත් පාලන උපාංග භාවිතය (IUCD - Intrauterine Contraceptive Device)
  • චර්ම අභ්‍යයන්තරික තැන්පතු - Subdermal Implants
4. අවුරුද්දක් වයසැති දරුවෙක් සිටින නමුත් දෙවනි ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට බලාපොරොත්තු වෙන යුවලකට.
  • පිරිමි උපත් පාලන කොපු
  • කාන්තා උපත් පාලන කොපු
  • සංයුක්ත උපත් පාලන පෙති (COCP - Combined Oral Contraceptive Pills)
  • ප්‍රොජෙස්ටරෝන් පමණක් සමන්විත පෙති (POP - Progestogen only Oral Contraceptive Pills)
  • ඩිපො-ප්‍රොවෙරා නික්ෂේපණය (Depo-Provera Injections)
  • චර්ම අභ්‍යයන්තරික තැන්පතු - Subdermal Implants
  • ගර්භාෂ අභ්‍යයන්තරික උපත් පාලන උපාංග භාවිතය (IUCD - Intrauterine Contraceptive Device)
5. දැනටමත් අපේක්ෂිත ප්‍රමාණයට ළමුන් හදා ගත් යුවලකට.
  • පිරිමි උපත් පාලන කොපු
  • කාන්තා උපත් පාලන කොපු
  • සංයුක්ත උපත් පාලන පෙති (COCP - Combined Oral Contraceptive Pills)
  • ප්‍රොජෙස්ටරෝන් පමණක් සමන්විත පෙති (POP - Progestogen only Oral Contraceptive Pills)
  • ඩිපො-ප්‍රොවෙරා නික්ෂේපණය (Depo-Provera Injections)
  • චර්ම අභ්‍යයන්තරික තැන්පතු - Subdermal Implants
  • ගර්භාෂ අභ්‍යයන්තරික උපත් පාලන උපාංග භාවිතය (IUCD - Intrauterine Contraceptive Device)
  • Vasectomy
  • LRT - Ligation & Resection of Tubes
තව දුරටත් ළමයි අවශ්‍යය නැති නිසා සුදුසුම ක්‍රම දෙක තමයි 8 හෝ 9 දෙන්නගෙන් එක්කෙනෙක් කරන එක. 8 කලොත් නම් වෘෂණ කෝෂ වල නිපදවන ශුක්‍ර තරලය එකතු වෙලා පිපිරී යාමට ලක්වීමෙන් අතුරු ආබාද වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා 9 ක්‍රමය වඩාත්ම යෝග්‍යයයි.

6. නන්නාදුනන කෙනෙකු සමඟ ක්ෂණික ඇසුරකට හෝ අනියම් ඇසුරකට
  • පිරිමි උපත් පාලන කොපු



7. ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවකට හෝ ඇය ඇසුරු කරන පිරිමියාට.
  • පිරිමි උපත් පාලන කොපු
  • කාන්තා උපත් පාලන කොපු
ඕනෑම උපත් පාලන ක්‍රමයක් වැරදියට භාවිතා කිරීමෙන් හෝ වෙනත් කාරනයක් නිසා වරදින්න පුළුවන්. එහෙම වෙලා කියලා පොඩි සැකයක් හරි තිබේ නම් අප්ව අමතා නිසි බෙහෙත් ලබාගැනීමෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් නවත්වා ගන්න පුළුවන්.

1 comments:

Email Us - SinhalaSexEducation@gmail.com
අපිට ඊමේල් කරන්න | Apita email karanna

ලිපි සොයන්න

ජනප්‍රිය ලිපි

ඔබේ ගැටළු අපිට Email කරන්න

ඔබගේ නම *:
ඔබගේ Email එක *:
ඔබගේ ගැටළුව *: