No contact numbers can provide due to legal issues | ලංකාවෙ ගබ්සා කිරීම නීති විරෝධී බැවින් phone නම්බර් ඉල්ලීමෙන් වලකින්න | Get Medicine in 2 days after a successful payment | මුදල් ගෙවා දවස් 2ක් ඇතුලත බෙහෙත් ද්‍රව්‍ය ඔබ කියන තැනකට බාර දෙනු ලැබේ
Email Us - SinhalaSexEducation@gmail.com
අපිට ඊමේල් කරන්න | Apita email karanna
Home » » නූළ කැඩෙනවා කියන්නෙ මොකද්ද කියලා දැනගමු

නූළ කැඩෙනවා කියන්නෙ මොකද්ද කියලා දැනගමු



අද කතාකරන්න යන්නේ පුරුෂ ලිංගයේ හැමෝම දන්න කියන කොටසක් ගැන.. නමුත් ඒ ගැන හරි හමන් අවබෝධයක් නැති අය වෙනුවෙන් නිසි අවබෝධයක් ලබාදීමයි මේකේ පරමාර්ථය..

Frenulum of prepuce of penis එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවානම් ශිෂ්ණයේ වාගිකාව ගැන.. ඔය කුණුහරුප එකක්වත් තේරුණේ නැත්නම් කට්ටිය "නූල" කියන සුද්ද සිංහල වචනයෙන් අමතන කෑල්ල ගැනයි අද කතාකරන්න යන්නේ..

ඉස්සෙල්ලම බලමු Frenulum කියන්නේ එහෙමත් නැත්නම් නූල කියන්නේ මොකක්ද කියලා...Frenulum එහෙමත් නැත්නම් වාගිකාව කියන්නේ මිනිස් ශරීරයේ පවතින එහා මෙහා චලනය වෙන ඉන්ද්‍රියක චලනයන් සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි කොටසක්.. වාගිකා ගත්තම ශරීරයේ තැන් ගොඩක මෙහෙම වාගිකා පිහිටලා තියනවා... මොළයේ, ආහාර මාර්ගයේ අන්ත්‍රයේ, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් වල.. නමුත් අපිට වාගිකාව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුලුවන් හොඳම ස්ථානය තමයි අපේ දිව.. දිව පොඩ්ඩක් උස්සලා බලද්දි දිව යට පැත්ත යට තල්ලට සම්බන්ධ වෙලා තියෙන්නේ කුඩා පටියක් වගේ කොටසකින් නේද..? අන්න ඒකත් ඔය වාගිකාවක් තමයි.. නමුත් වාගිකාව කියලා නොකිව්වත් සාමාන්‍යය ව්‍යයවහාරයේදී නූල කියන වචනයෙන් අමතන්නේ ශිෂ්ණයේ එහෙමත් නැත්නම් පුරුෂ ලිංගුවේ පිහිටන කොටසට.. මේ නූල එහෙමත් නැත්නම් වාගිකාව කියන කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම ඕනෑවට වඩා පසු පසට යෑමට නොදී චලනයන් පාලනය කරන්නේ..මොකද මේ සමහරු පෙර සම (Prepuce of penis) කියන කොටසට නූල කියන වචනය අමතනවා මම ත්‍රෙඩ් එකක දැක්කා... මේ නූල ගත්තාම මේක ටිකක් ඇදෙන සුලු ඉලාස්ටික් ගතියකින් සමන්විතයි..පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ටිකක් ඇදීමකට ලක් වෙනවා... ඒ වගේම මේක ශිෂ්ණය සාමාන්‍යය පිහි‍ටුමේ තියෙද්දි කොටසක් ශිෂ්ණ බඳ කොටසට (Shaft) සම්බන්ධව පිහිටනවා.. අනික් කෙලවර ශිෂ්ණයේ පෙර සමේ කෙළවර පිහිටනවා යට පැත්තට වෙන්න..

මොකක්ද මේ නූල කැඩෙනවා කියන්නේ..??
මේකනම් කට්ටිය අනිවා අහන ප්‍රශ්නයක්නේ.. කියන්න ඕනේ ටික දැන් ඕනෑවටත් වඩා කිව්වා.. ඒත් ලිපිය සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මේ ටිකත් දාන්නම්.. නූල කැඩෙනවා කියන්නේ ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්... නමුත් ඕක කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි... ඕක කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා... ඕක බොහෝ වෙලාවට කැඩෙන්නේ Hard and deep sex වලදී.. ඒ කිව්වේ ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්.. එතකොට කෙනෙක් ඇහුවොත් ස්වයං වින්දනය කිරීමෙන් ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව් නමුත් බොහෝම අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න.. ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත මිරිකගෙන..

අන්තිමට කියන්න ඕනේ වැදගත්ම දෙයක් තියනවා.. Frenulum breve කියලා කියන්නේ ශිෂ්ණයේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට අදින්න බැරි වෙන එක නෙමෙයි.. මේකේදි පෙර සම පස්සට අදින්න පුලුවන් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා.. නමුත් ශිෂ්ණ බඳ කොටසේ මද දුරක් පමණයි පස්සට අදින්න පුලුවන්.. නමුත් ශිෂ්ණයේ මුණ්ඩයෙන් පහලට පෙර සම අදින්න බැරි එක වෙනමම සිද්දියක්.. ඒකට කියන්නේ Phimosis එහෙමත් නැත්නම් පයිමෝසිස් / පීමෝසිස් කියලා..

0 comments:

Post a Comment

Email Us - SinhalaSexEducation@gmail.com
අපිට ඊමේල් කරන්න | Apita email karanna

ලිපි සොයන්න

ජනප්‍රිය ලිපි

ඔබේ ගැටළු අපිට Email කරන්න

ඔබගේ නම *:
ඔබගේ Email එක *:
ඔබගේ ගැටළුව *: